Sunday, October 27, 2013

සනත්ගෙන් සැන්ඩ්‍රා දික්කසාදය ඉල්ලු හේතුව මෙන්න

ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සනත් ජයසුරිය ට එරෙහිව ඔහුගේ දෙවෙන බිරිඳ වන සැන්ඩ්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය කොළඹ අළුත්කඩේ දිසා අධිකරණයේ දික්කසාදය ඉල්ලා නඩුවක් පවරා තිබුණි. 

සැන්ඩ්‍රා විසින් සනත්ගෙන් දික්කසාදය ඉල්ලු පලමුවන අවස්ථාව මෙය නොවේ. මෙයට පෙරද මෙවන් නඩුවක් උසාවියේ පවරා තිබු අවස්ථාවක එය සමථයට පත්වුයේ දරුවන් තිදෙනාගේ අනගාතය සඳහා පවුල් ජිවිතයේ වටිනාකම පෙන්වාදෙමින් සමතයකට පත්කර දෙමිනි. 

නමුත් මෙවර දික්කසාදය යලි සනත් වෙත එල්ලවන්නේ විශාල වන්දි මුදලක්ද සමගිනි. සනත් විසින් මලීකා සමග විවාහ වුයේ සිය දෙවන බිරිඳගේ දික්කසාද වන්දියට එකඟවය. 

එම වන්දියට


  • සැන්ඩ්‍රාට දරු තිදෙනාට මිලියන 200 බැගින් මිලියන 800 ක්. 
  • දැනට සැන්ඩ්‍රා දරුවන් සමග පදිංචිව සිටින නිවස සනත්ගේ වියදමින් සම්පූර්ණ කර දීම. 
  • සැන්ඩ්‍රාගේ හා දරුවන්ගේ පාවිච්චියට මෝටර් රථ දෙකක්. 
ඇතුලත්ව තිබු අතර එම වන්දිය ලබාදීමට ප්‍රමාද වූ හෙයින් නිත්‍යානුකුල ලෙසින් මලීකා සමග විවාහ වීමද ප්‍රමාද විය. ඒ හේතුවෙන් තෙවන විවාහය එලිවීමේ රහසද දෙවන බිරිඳ සමගින් එකතුව බොරුවක් සේ මවාපෑමට සනත් හට හැකිවුයේ එම වන්දිය සම්බන්ධයෙන් දෙදෙනා එකඟතාවයකට පැමිණ තිබු හෙයිනි. 

නමුත් එය ප්‍රමාද වීමත් සමග මලීකා ද සනත් අතහැර තවත් කෝටිපතියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති අතර දික්කසාදය හා වන්දියද එයින් යටපත්ව ඇත. 

එම යටපත්වූ වන්දිය නැවත ලබාගනිමින් නිත්‍යානුකුල ලෙසින් සනත්ගෙන් වෙන්වීම සඳහා මෙම නදුවගොනුකර ඇති අතර පවුල් සංස්ථාව බිඳ වැටී ඇති හෙයින් තවදුරටත් විවාහය පවත්වාගෙන යා නොහැකි බවත් සනත් හට බිලියන දෙකකට ආසන්න වත්කම් පවතින හෙයින් තමාගේ වන්දිය ලබාදෙන ලෙසද උසාවියට කරුණු දක්වා ඇත.

BY:33000.lk

No comments:

Post a Comment