යහළු මනාලියන් 80කගෙන් යුත් විවාහයක් පිළිබඳව මීට පෙර අප ඔබට තොරතුරු ගෙන එන ලදි.
මේ අතර වැඩිම දෙවැනි මනාලියන් සහිත විවාහ උත්සවයක් පවත්වා ලංකාවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට රූපලාවණ්‍ය ශිල්පිනියක් බලාපොරොත්තු වේ.
මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබුවේ තායිලන්තයයි. ඒ 2012 වසරේ දෙවැනි මනාලියන් 95 දෙනකු හා දෙවන මනාලයන් 50 දෙනකුගේ සහභාගීත්වයෙන් විවාහ උත්සවයක් පවත්වමිනි.
දෙවැනි මනාලියන් 125 දෙනකු, දෙවන මනාලයන් 30 දෙනකු, මල් කුමාරියන් 20 දෙනකු හා මල් කුමරුවන් 20 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිත වන්නේ ලබන මස 8 වැනිදාය.
මීගමුව ඇවෙන්ඩ්‍රාගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වෙන එම විවාහයේ මනාලයා හා මනාලිය වන්නේ නිසංසලා ආරියසිරි හා නලින් පතිරණ දෙපළයි. රූපලාවණ්‍ය කටයුතු සිදුකරන්නේ චම්පි සිරිවර්ධන මහත්මියයි.
මෙතෙක් කලක් මෙම වාර්තාවට උරුමකම් කියනු ලැබූ තායිලන්තයේ පැවති විවාහයේ ජායාරූප පහතින්.
BY:33000.lk
BY:33000.lk
No comments:
Post a Comment