Sunday, October 13, 2013

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන පබා හා අනර්කලීගේ පැහැදිළි කිරීමෙන් රාජ්‍ය නායකයෝ සලිත වෙයි


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ලංකාවේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොතිබිණි. කොටින්ම එයට සහභාගීවන නායකයන්ටද අවබෝධයක් තිබුනේ නැත.

නමුත් පසුගියදා දිනමිණ පුවත්පත මඟින් පොදු රද මඩුලු සමුළුව ගැන අනර්කලී ආකර්ෂා හා උපේක්ෂා ස්වර්ණමාලි විසින් කළ පැහැදිළි කිරීම් නිසා මෙරටට පැමිණීමට සිටි රාජ්‍ය නායකයන්ට ඒ ගැන මනා අවබෝධයක් ලැබී ඇත.

එපමණක් නොව මේ වෙන්නේ මොකක්දැයි උඩ බිම බලා සිටි ශ්‍රී ලාංකික ජනතාවටද මනා අවබෝධයක් ලැබී ඇත.

ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් පූචානම් දොඩමින් සිටි කැනඩාවේ අගමැතිවරයා මෙම පැහැදිළි කිරීම් සමඟ තමා ගත් තීරණය වෙනස් කරමින් ඒ පිළිබඳව ලංකාවෙන් සමාව ඉල්ලා නිවේදයක්ද නිකුත් කර තිබේ. 


පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කැනඩාවේ අගමැතිවරයා නොපැමිනෙන බැව් කලින් දන්වා තිබු නිසා මෙම උත්සවය සඳහා හැකිතාක් මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කරනා රජය විසින් පළමුව සිදුකර තිබුනේ ඔහුගේ කෑම පිඟාන කපා දැමීමයි. ඒ අනුව ඔහු වෙනුවෙන් වැඩිපුර පිඟානක් නැවත වෙන්කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර තිබේ.


ලංකාවෙන් වැඩි යමක් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්ට ලබා ගත හැකි බව අනර්කලී පවසා තිබීම
නිසා බොහෝ රාජ්‍ය නායකයන්ගේ එකම පැතුම ලංකාව බවට පත්වී ඇත.

වැඩි යමක් කෙසේ වෙතත් තම රටේ එදා වෙල ගැටගහගන්න වත් ලංකාවෙන් යමක් ලැබුනොත් ඇති යනුවෙන් ඔවුන් සිතන්නට පටන්ගන තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයට ඇමරිකාව අයත් නොවූවද මෙම හේතුව නිසා වැටී ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒමට ඇමරිකාවද පොදු රාජ්‍ය මණ්ඩලයට බැඳිමට ඉල්ලුම්පතක් යවා තිබේ.

උපේක්ෂාගේ නිවේදයත් සමඟ 18 වන සංශෝදනයේදී 18 යනු ඉලක්කමක් යන්න පමණක් දැන සිටි උපේක්ෂා ස්වර්ණමාලි ලබා ඇති හසල දැනුම ගැන ලෝව පුරා රාජ්‍ය නායකයෝ ප්‍රීති ප්‍රමෝදයට පත්ව සීටී.

ආගන්තුක සත්කාරය අතින් ලෝකයේ ඉදිරියෙන් සිටින ජාතියක් ලෙස උපේක්ෂාගේ නිවේදයේ තිබෙන නිසා ස්වාසලන්තයේ රජුද මෙහි පැමිණීමට කඩිමුඩියේ සූදානම්ව සිටින්නේ තම බිරින්දෑවරුන් දුසිමෙන් නොලැබුණු සත්කාරයක් ගැනීමටය.

මෙම සමුළුව නිසා රටේ යොවුන් පරපුරට විශාල ශක්තියක් වන බව අනර්කලී විසින් පැවසීම නිසා රටේ තරුණ පිරිස් මෙම සමුළුව අවසන් වනතෙක් ඇඟිලි ගනින්නේ ශක්තියක් ලබාගැනීමටය. බොහෝ දෙනා පුරුෂ ශක්තිය වර්ධනය වීමක්ද බලාපොරොත්තුවෙන් සිටී.

පබා හා අනර්කලී විසින් යථාර්තවාදී දෘෂ්ටිකෝණයෙන්, මධ්‍යස්ථ විචාරයෙන්, විචාර බුද්ධියෙන්, තුලනාත්මකව පවසා ඇති මෙම කරුණු නිසා ඔවුන්ගේ දුර දක්නා නුවණ ගැන ශ්‍රී ලාංකික ජනතාව ඉමහත් සතුටට පත්ව ඇත. මෙම පැහැදිළිකිරීම අනුව සමුළුවෙන් පසු ලංකාව කේතුමතී නුවරක් අවට පත්වේයැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටී.

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ගැන අනර්කලීගේ පැහැදිළි කිරීම පහතින්.


(විශාල කිරීමට ජායාරූපය මත ක්ලික් කරන්න)

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ගැන උපේක්ෂාගේ පැහැදිළි කිරීම පහතින්.


(විශාල කිරීමට ජායාරූපය මත ක්ලික් කරන්න)

by:33000.lk

No comments:

Post a Comment