![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaa2dc1fJUT4W5f8e0imsIiOZFKQ935DNWQC0KsTwuORH0Z63LX2PkxCmgcpMPjw9_9O6jJCBawA8Z73fJmM9kY02lEYVaNcXpaO_LG-q0jD0VMpYKRDdZSwKl0KFC0EMdg5MSpVs_E_Qa/s590/upeksha-swarnamali.jpg)
උපේක්ෂා පවසන පරිදි පොදු බස් රථ සේවාවන තුලදී කාන්තාවන්ට සිදුවන අතවර වැලක්වීමට කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් ඇතිකරනවා වෙනුවට ජී.පී.එස්. තාක්ෂණය යොදා බස් රථවල 3G කැමරා සවිකිරීම මගින් අතවර පාලනය කරගත හැක.
ජී.පී.එස්. තාක්ෂණයත් , 3G කැමරා මගිනුත් එම අතවර පාලනය කරන්නේ කෙසේදැයි යන්න මන්ත්‍රීතුමිය පහදා තිබුනේ නැත.
එයට අමතරව ගැහැනුන් කොටට ඇන්ද පලියට පිරිමින් කුලප්පු නොවිය යුතු බවද ඇය එම සාකච්චාවේදී පෙන්වාදී තිබෙනවා. කාන්තා අතවර වලක්වා ඔවුන්ගේ අභිවෘධිය තකා මෙවන් වටිනා යෝජනා කිහිපයක්ද ඇය මෙවර ඉදිරිපත්කිරීමට සුදානම් වන අයවැයට ඉදිරිපත්කොට ඇත.
ඇය පුවත්පතට අදහස් පලකල අයුරු බලන්න පහතින්
පොදු මගී ප්‍රවාහන සේවාවන්හිදී ස්ත්‍රීන් මුහුණ දෙන අතවරවලට පිළියමක් විදිහට කාර්යාලීය වේලාවන්වලදී කාන්තාවන් වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් හඳුන්වා දීම සැලකිය හැකිද?
වෙනම බස් රථ සේවා ඇති කරනවාට වඩා ජී. පී. එස් තාක්ෂණය යොදාගෙන 3ජී කැමරා සවිකරනවා නම් මෙයට වඩා මගී සේවාවලදී කාන්තාවන්ට සිදුවන අතවර පාලනය කළ හැකියි
කාන්තාවන් අනවශ්‍ය ලෙස අඟපසඟ පෙනෙන අකාරයට ඇඳුම් ඇඳීමෙන් අතවරයට ලක්වෙනවා කියන අදහස ඔබ පිළිගන්නවාද?
ඒ කතාවේ යම් සත්‍යතාවයක් තිබෙනවා. නමුත් කාන්තාවන් කොටට ඇන්දැයි කියලා පිරිමි පාර්ශ්වය හැඟීම් උද්දීපනය කරගත යුතු නැහැ. සත්තු තැන් තැන්වල ජරා කලාට මිනිස්සු ශරීරකෘත්‍ය කරන ක්‍රමයක් තියෙනවා. සතෙක් වගේ හැසිරෙන්න බැහැ.
ඔබ නිරතව සිටින නිරූපණ ක්ෂේත්‍රයට මේ තත්ත්වය අදාළ වෙන්නේ කොහොමද?
රංගන ශිල්පීන්ට නිර්මාණයේ අවශ්‍යතාවය මත ඇඟ නිරාවරණය වන ආකාරයේ මෝස්තර කරන්න සිදුවෙනවා. නමුත් එවැනි තත්ත්වයක් යටතේ පවා සමාජයේ අහිතකර ප්‍රතිචාරයන්ට ලක්වීමට සිදුවෙනවා.
BY:33000.lk
No comments:
Post a Comment