Thursday, November 21, 2013

2014 අය වැය ලේඛනයේ සාරාංශය



2014 වසරේ අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරනු ලැබුවා. මෙය මහින්ද රාජපක්‍ෂ රජයේ නව වැනි අයවැය ලේඛනයයි. 2014 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය විසර්ජන පනතට අනුව ලබන වසරට සමස්‌ත වියදම රුපියල් ට්‍රිලියන 1.54 කි.

මෙවර අය වැය ලේඛනයේ සාරාංශය මෙසේය (යාවත්කාලීන වෙමින් පවතී)

1) බැංකු හා මූල්‍ය අංශ සඳහා 2% ක ජාතිය ගොඩනැඟීමේ බද්දක්
2) වයස අවරුදු 63 ට වැඩි ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුපක්
3) පශු වෛද්‍යවරුන් සඳහා රු. 7,500ක දීමනාවක්
4) වාරිමාර්ග සඳහා මිලියන 1,700ක් වෙන් කෙරෙයි
5) කුඩා තේවතු හිමියන්ට රු. 5,000ක දීමනාවක්
6) ළමා අපයෝජන හා කාන්තා අතවර වැලැක්වීමට රු. මිලියන 300ක් වෙන්කරයි

7) ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලියන 150 කුත් , මිහින් ලංකා වෙත මිලියන 50 කුත් වෙන්කරයි 
8) අයවැය පරතරය 2016 දී 3.8 දක්වා අඩුකිරීමේ දැක්මක් 
9)අන්තර්ජාලය හරහා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ ගෙවීම් සිදුකිරෙමේ අවස්තාව 
10) රෙදිපිළි සැපයීමේ ප්‍රධානතම රටවල් 10 අතරට2020දී සැලසුමක්  
11) මාළු ආනයනයේ බද්ධ ඉහල දැමීමට යෝජනාවක් 
12) කිරි කර්මාන්තය ඉහල දැමීමට කිරිගවයන් විසිදහසක්රටට ගෙන්වීම 
13) වයස අවරුදු 68 දක්වා ව්‍යවසායකත්ව කාන්තාවන්ට බදු රහිත ණය 
14) දැව භාණ්ඩ ප්‍රවාහනයට විශේෂ බලපත්‍ර අවශ්‍ය නොවේ 
15)පනස්දහසට අඩු ආදායම් ඇති අයට පළාත් පාලන ආයතන බදු වලින් නිදහස් 
16) වකුගඩුලෙඩරෝග විසඳීම සඳහා වතුර පිරිසුදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට මිලියන 900 ක් 
17) විශ්ව විද්‍යාල ආචාරවරුන්ගේ වැටුප් ඉහලට. මොරටුව විශ්වවිද්‍යාලය නවීකරණයකිරීමට යෝජනා. නව විශ්ව විද්‍යාල නගර ඉදි කිරීමට යෝජනා
BY:33000.lk

No comments:

Post a Comment