![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPnqv4jWSDJokhHpHiI3rG5LZWyRMA6ZPldJuB0krjn_bFsRC_RfjLECDvDbg5cyfAEelzSslBXdEMYwPiKvSDie5wDeLO0dUnC37s43d20F5GLi5Si5Mdes25bsxLIbF-F2AQ6jLlIv6A/s400/Preview.jpg)
ඒ සිදුහත් කුමරුන් උපත ලබන අවස්ථාවේදී මහාමායා දේවිය අල්ලාගත්
සල් ගස වටා පසු කළෙක ඉදිකරන ලද වැටක් හමුවීමයි.
දැවයෙන් ඉදි කරන ලද මෙම ආවරණයට ඉහළින් පියස්සක් හමු නොවීම හේතුවෙන් එය සල් ගස වටා පසු කළෙක ඉදිකරන ලද්දක් බවටයි සැළකෙන්නේ.
පියස්සක් නොමැතිව දැවයෙන් කරන ලද මෙය වටා පසු කළෙක ගඩොලින් විහාරය තනා තිබේ.
මෙම කැනීම් සිදු කරන බ්‍රිතාන්‍යයේ ඩර්හෙම් සරසවියේ මහාචාර්ය රොබින් කොනින්හැම් මහතාට අනුව මෙම දැවමය ආවරණයේ කාල නීර්ණයට ක්‍රිස්තු පූර්ව 600 ඉක්මවා යයි. ඒ අනුව ක්‍රි:පූ 563 වර්ෂයේ සිදුවූ බවට සැලකෙන සිදුහත් උපත මෙමඟින් තවත් වසර කිහිපයක් පසුපසට යයි. ඇතැම්විට එය ක්‍රිස්තු පූර්ව 7 වන හෝ 8 වන ශතවර්ෂ දක්වා ඈතට යා හැකි බවද පැවසේ.
යුනෙස්කෝව මඟින් සිදුකරන ලද මෙම කැනීම් සඳහා පුරාවිද්‍යාඥයින් 15 දෙනෙකු පමණ සම්බන්ධ වී සිටී. ඒ සඳහා ප්‍රතිපාදන ලබාදෙන්නේ ජපානය හා නේපාලයයි.
කැනීම් සිදුකරන්නේ විහාර භූමියක නිසා එම ස්ථානයට යන කිසිවෙකුට සපත්තු පැලඳීමකට කිසිවෙකුට අවසර නොමැත. නේපාලයේ වර්ෂා කාලයන් තුනක් තිබෙන අතර භූගත ජල මට්ටම අවම වන කාලයන්හිදී මෙම් කැනීම සිදුකරයි.
මේ පිළිබඳව පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් දේවසෝම මහතා පවසන්නේ මෙවැන්නක්,
"ගොඩනැඟිලි වල ශෛලිය හා ඒවා තැන්පත් වී ඇති ආකාරය, තිබෙන මට්ටම් සමඟ සංසන්ධනය කරන විට පුරාවිද්‍යාඥයින්ගේ අදහසක් තියනවා සිදුහත් කුමාරයාගේ උත්පත්තියට දැනට ලබාදී ඇති දිනය තව වසර ගනනාවකින් පිටුපසට යන්න පුළුවන් කියළා. එය ස්ථිර කරගැනීම සඳහා විද්‍යාත්මක කාල නීර්න අවශ්‍යයි. යම් හෙයකින් දින නීර්න පසුපසට ගියහොත් එහෙම භුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය හා පෞරාණිකත්වය තවත් වසර කිහිපයකින් වැඩි වෙනවා."
මෙම සොයාගැනීම ලෝකයට හෙළි කළ වීඩියෝව පහතින්.
මෙම වැට හමුවන අවස්ථාවේ ජායාරූප පහතින්.
BY:33000.lk
No comments:
Post a Comment