Tuesday, November 12, 2013

පාදුක්ක ප්‍රදේශයේ එක්දරු මවක් ෆේස්බුක් නිසා සියදිවි නසාගෙන

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක්දරු මවක් සිය සැමියා නිවසේ නොමැති අවස්ථා වලදී ෆේස්බුක් හරහා ඇතිකරගත් අසම්මත් ආදරයක් කෙලවර වීම නිසා සියදිවි නසාගෙන තිබේ. 

මෙලෙස සියදිවි නසාගන ඇත්තේ පාදුක්ක ගලගෙදර පදිංචි උමාලි රංගිකා නම් තරුණියකි.

ඇය නිවසේ සිටින අවස්ථාවලදී භාවිතා කිරීමට සැමියා ලැප්ටොප් පරිඝනකයක් ලබාදී ඇති අතර එමඟින් ඇය ෆේස්බුක් තුල ක්‍රියාකාරී සාමාජිකාවක සිට ඇත.

ටික කලකදී

පාදුක්ක ප්‍රදේශයේම දිලීප නම් 20 හැවිරිදි තරුණයෙකු සමග ඇය ෆේස්බුක් හරහා හිතවත්කමක් ගොඩනගාගෙන ඇත. 

පසුව මෙම හිතවත්කම ආදරයකට පෙරලී ඇති අතර දිලීප විසින් උමාලි වෙනුවෙන් කවි ගී ලියා ඔහුගේ ෆේස්බුක් වෝල් ඒක පුරවා ඇත.

මෙම සම්බන්ධතාවය හෙළිවීමෙන් අනතුරුව උමාලිගේ සැමියා විසින් ලැප්ටොප් පරිඝනකය පොලවේ ගසා තිබේ.

අනතුරුව පරිගනකයක් නොමැති හේතුවෙන් සබඳතා බිඳ නොවැටී රැකගැනීම සඳහා දිලීප විසින් උමාලිට ජංගම දුරකතනයක් රහසින් ලබාදී ඇත.

ඒ අනුව මෙම සම්බන්ධතාවය වසර එකහමාරක් පමණ කාලයක් හොර රහසේ ඔවුන් දෙදෙනා විසින් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය කාලය පුරාවට උමාලි විසින් තමාට වයස අවරුදු හතරක දරුවෙකුද සිටින බැවින් එම සම්බන්ධතාවය නතරකරන මෙන් දිලීපගෙන් ඉල්ලා ඇත.

මේ අතර දිනක් උමාලි තමාට අවශ්‍යය ඇඳුම් මිලදීගැනීම සඳහා පාදුක්ක නගරයට ගොස් තිබේ. ඒ බැව් දිලීපට නොකීම හේතුවෙන් දිලීප කෝපයට පත්ව එස්.එම්.එස් පණිවිඩයක් ඒවා ඇත. පසුව ගෙදරට පැමිණීමෙන් පසු එම එස්.එම්.එස් පණිවිඩය දැකීමෙන් කම්පාවට පත් උමාලි ගෙල වැලලාගෙන ඇත.

උමාලිගේ සියදිවි නසාගැනීමට හේතු වූ දිලීප එවූ එස්.එම්.එස් පණිවිඩය 


බැල්ලි මම දැන් කොට්ටාවේ වැස්සේ තෙමෙනවා 
උඹට හොදක් වෙන්නේ නෑ 
බලපන් උඹට වෙන දේ 
උඹ ගියේ නැත්නම් මට ගන්න තිබ්බා 
උඹ එපාකරපු ගෑනියෙක් 
මගේ ජීවිතේම උඹ කෑවා 
BY:33000.lk

No comments:

Post a Comment