FCV හෙවත් Fuel cell vehicle ලෙස නම් කර ඇති එය 2015 සිට වෙලඳපලට නිකුත් කරන බවයි එම සමාගම පවසන්නේ.
මෙහිදී ධාවනයට යොදාගන්නා බැටරිය විනාඩි 3ක් වැනි කෙටි කාලයකින් හයිඩ්‍රජන් මඟින් ආරෝපනය වන අතර එමඟින් කිලෝමීටර් 500ක දුරක් ධාවනය කල හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මඟීන් 4 දෙනෙකුට ගමන් කල හැකිය.
හයිඩ්‍රජන් වායුව මඟින් කිලෝ වොට් 100ක විදුලියක් නිපදවෙන මෙම නව සංකල්පය සඳහා අවශ්‍ය වන හයිඩ්‍රජන් වායුව සඳහා ඉන්ධන ටැංකි දෙකක් වාහනයේ අඩංගුය.
මෙම මෝටර් රථයේ සයිලන්සරයෙන් පිටවන එකම ද්‍රව්‍යය වන්නේ උණු ජලය පමණක්ම නිසා මෝටර් රථයේ පැහැය ජල බින්දුවක පැහැය වන නිල් පැහැයෙන් එළි දක්වා තිබේ.
හයිඩ්‍රජන් මඟින් බැටරිය ආරෝපනය වන මෙම ක්‍රියාවලියේදී අධික තාපයක් පිටවන නිසා එය සිසිල් කිරීමට වැඩි වාතයක් ලැබෙන පරිදි වාහනයේ ඉදිරිපස සකසා තිබේ.
ලබන සතියේ පැවැත්වෙන හොණ්ඩා මෝටර් රථ දැක්මෙහිදී හයිඋන්ඩායි සමාගමද මෙම සංකල්පය යටතේ FCV මෝටර් රථයක් එළිදැක්වීමට නියමිත බව ඔවුන් විසින් හෙළිකර තිබූණා. එය ලබන වසරේ ඇමරිකානු එය වෙලඳපලට නිකුත් කරන බවත් පවසා තිබුණා.
මෙම ටොයෝටා FCV මෝටර් රථයේ මිල නිල වශයෙන් ප්‍රකාශ වී නැතත් ඇතැම් වාර්තා වලට අනුව එහි මිල ඇමරිකානු ඩොලර් 108,000 ක් වැනි ඉහල අගයක් ගනු ඇති.
මෙම මෝටර් රථය පළමුවරට පළමු වරට එළිදැක්වුනේ ජපානයේ ටෝකියෝ නගරයේදී ආරම්භ වූ ඊයේ ආරම්භ වූ 43 වැනි ටොයෝටා මෝටර් රථ දැක්මේදීය. එය දෙසැම්බර් 1 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති.
මෝටර් රථය පිළිබඳ වීඩියෝවක් පහතින්.
BY:33000.lk
BY:33000.lk
මෝටර් රථයේ ජායාරූප පහතින්.
BY:33000.lk
No comments:
Post a Comment