ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ නිවුන් සොහොයුරන් විසින් නිපදවූ රියදුරෙකු නොමැතිව යන ජීප් රථයක් පිළිබඳව පෙරේදා (20) දින අප ලිපියක් පලකරන ලදී.මාධ්‍යයේ පළවූ තොරතුරුත් එම ජීප් රථයේ වර්තමාන තත්ත්වයත් පිලිබඳ මේ වනවිට ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩනැගී ඇත.
එහිදී ගාල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන්
අප වෙත තොරතුරු ලබාදෙමින් පැවසුවේ එම ජීප් රථය තවමත් රියෙදුරෙකු නොමැතිව යන ආකාරයට වැඩි දියුණුකර නොමැති බවත් එවැනි ජීප් රථයක් මාධ්‍යවේදීන්ට පෙන්වීමට එම විද්‍යාලයේ ගුරුවරු අසමත් වූ බවය. (එසේ නොමැතිව තිබියදී ඔවුන් ඒවා මාධ්‍යවල පලකිරීමට එව්වේ මන්දැයි අප නොදන්නෙමු).
තවද මාධ්‍යයවේදින් විසින් තවමත් ආකෘතියක් පමණක් නිපදවා ඇති මෙම ජීප් රථයට තවමත් නිපදවමින් පවතින ඇතැම් දෑ එකතුකොට බොරු වාර්තාවක් නිකුත්කර ඇතැයිද එම විද්‍යාලයේ ගුරුවරු විසින් මාධ්‍යවේදීන්ට චෝදනාකොට ඇත. (මාධ්‍යවේදීන්ට විදුහල්පති ඇතුළු ගුරුවරුන් සිදුකල චෝදනාවේ වීඩියෝව ලිපියේ අවසානයේ ඇත).
කෙසේ නමුත් මෙම ජීප් රථයේ වර්තමාන තත්වය දැනගැනීම සඳහා තිස්තුන්දාහේ අප නිවුන් සොහොයුරන්ගෙන් එක් අයෙකුවූ තිවංක සම්බන්ධකරගත්තෙමු. තිවංක අපවෙත ප්‍රකාශකොට සිටියේ ජීප් රථය පිලිබඳ වාර්තා කිරීමට ගාල්ලේ මාධ්‍යවේදීන් අතර තරඟයක් තිබු බවත් උදේ සිට සවස වනතෙක් ඔවුන් අසල රැඳී සිටිමින් ජීප් රථයේ ක්‍රියාකාරිත්වය දැනට වැඩිදියුණු කල පමණ පමණක් බලා, ජීප් රථය සම්පුර්ණ නිමකරනතෙක් නොසිට වෙනත් මාධ්‍යවේදීන්ට පෙර එය පලකල යුතු නිසා එම මාධ්‍යවේදීන් විසින්ම අදාළ වාර්තාව මාධ්‍යයට සැපයු බවය.
ජීප් රථයේ වැඩකටයුතු මෙම සතිය තුල අවසන් වන බවත් ඉන් අනතුරුව ජීප් රථයේ ක්‍රියාකාරිත්වය සහිත වීඩියෝව තිස්තුන්දාහ වෙත එවන බවත් තිවංක අපවෙත පොරොන්දු විය.
BY:33000.lk
No comments:
Post a Comment